අවුරුදු බස් සේවා අනිද්දා සිට

Wednesday, 06 April 2016 - 7:37

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස් රථ සේවා අනිද්දා සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එය 25 වන දා දක්වා ක්‍රියාත්මකයි.

බස් රථ 3000කට තාවකාලික අවසර පත්‍ර ලබාදී දුරගමන් සේවා සඳහා යෙදවීමට ද අපේක්ෂා කරන බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ මහරගම කඩවත සහ කඩුවෙල නගරවලින් මෙන්ම පානදුර නගරයෙන් ද ධාවනය කරවීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර අලූත් අවුරුද්ද වෙනුවෙන් මේ මස 10 වනදා සිට 19 වනදා දක්වා විශේෂ දුම්රිය ගමන් වාර 48 ක් ක්‍රියාත්මක කරන බව දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි නාලක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.