මහින්ද - රනිල් හමුවක්

Wednesday, 06 April 2016 - 7:51

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ලබාදී තිබූ හමුදා සෙබලූන් පිරිසක් ඉවත් කර ඒ වෙනුවට පොලිස් නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදා සිටි හමුදා නිලධාරීන් ඉවත් කර ඒ වෙනුවට පොලීසිය යොදවා ඇති බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය ද තහවුරු කළා.

මේ අතර හිටපු ජනාධිපතිවරයාට ලබාදී තිබූ හමුදා ආරක්ෂාව ඉවත් කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පැවිදි හඬ සංවිධානය ද ඊයේ චෝදනා කළා.

එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව කියා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදියි.

අප මේ සම්බන්ධයෙන් වැඩබලන හමුදා ප්‍රකාශක කර්නල් මනෝජ් ළමාහේවාගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ මෙතෙක් යුද හමුදාව ඒ සම්බන්ධයෙන් දැනුවත් වී නොමැති බවයි.


නියෝග නොතකා විවෘත කළ මස් අලෙවිසැල (වීඩියෝ)
Saturday, 06 June 2020 - 23:23

2020 රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් සුරාසැල්ල මස් මාංශ අලෙවි... Read More

ලොව පුරා කොරෝනා වෛරස් අසාදිත මරණ ලක්ෂ 4 ඉක්මවයි
Saturday, 06 June 2020 - 23:00

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ... Read More

මැතිවරණයේදී පොදුජන පෙරමුණට සහය දෙන බව තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන් කියයි (වීඩියෝ)
Saturday, 06 June 2020 - 22:42

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක... Read More