පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට අමාත්‍ය ධුර හිමි වෙයි

Wednesday, 06 April 2016 - 12:17

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න, මනූෂ නානායක්කාර සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නා.

ඒ අනුව ජාතික ආණ්ඩුවේ මුළු අමාත්‍ය ධුර සංඛ්‍යාව 92 දක්වා ඉහළ යනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි දිවුරුම් දුන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන, සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා.

දැනට ජනාධිපතිවරයා සහ අගමැති ඇතුලූ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 47 ක්.

එමෙන්ම විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන් ලක්ෂ්මන් සෙනෙවිරත්න සමඟ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 20 දක්වා ඉහළ යනු ලබනවා.

මීට පෙර විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සිරිපාල ගම්ලත් නම් කර තිබූ අතර, ඔහු මේ දක්වා එම තනතුරේ වැඩ භාරගනු ලැබුවේ නැහැ.

ඒ අනුවයි එම නියෝජ්‍ය අමාත්‍ය ධුරය මනුෂ නානායක්කාර වෙත පිරිනමනු ලැබුවේ.

මීට අමතරව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන, සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පාලිත තෙවරප්පෙරුම අද දිවුරුම් දීමත් සමඟ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාවද 25 දක්වා ඉහළ යනු ලබනවා.



මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 858 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 14:54

තවත් කොරෝනා ආසාදිතයන් 19 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින්... Read More

ගතේ වාරු නැතත් හිතේ සවියෙන් රටට සෙත්පතා අනුබුදු මිහිදු හිමියන්ගේ රුව සොයන
Friday, 05 June 2020 - 14:57

රටට සහ ජනතාවට සෙත් පතා අනුබුදු මිහිදු මහා නාහිමියන්ගේ අනුරුවක්... Read More

අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් වසර හයක් තිස්සේ අභාවයට ගිය වැව (වීඩියෝ)
Friday, 05 June 2020 - 14:43

අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් වසර හයක් තිස්සේ අභාවයට ගොස්... Read More