ළමයින්ට උද්ඝෝෂණ බෑ

Wednesday, 06 April 2016 - 13:44

%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB+%E0%B6%B6%E0%B7%91
නොච්චියාගම විද්‍යාදර්ශ මධ්‍ය මහා විද්‍යාලයේ සහ නොච්චියාගම බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරුන් හෝ වෙනත්  ඕනෑම පුද්ගලයෙකු යළිත් පාසල් දරුවන් උද්ඝෝෂණයට පෙළඹුවහොත් ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස තඹුත්තේගම වැඩබලන මහේස්ත්‍රාත් බුද්ධික ලෙව්කේ බණ්ඩාර පොලිසියට නියෝග කළා.

ඒ නොච්චියාගම - විද්‍යාදර්ශ මහා විද්‍යාලයට අලුතින් පත් වූ විදුහල්පතිවරයාට රාජකාරිය භාර නොදීමේ සිද්ධිය පදනම් කර ගනිමින් පසුගියදා එම විද්‍යාලය ඉදිරිපිට ඇති වූ නොසන්සුන් තත්ත්වය පිළිබඳව පොලිසිය අද (06) අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදීයි.

තම තනතුරු රැක ගැනීම සඳහා පාසල් දරුවන් පොළඹවමින් යමෙකු කටයුතු කරන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා විදුහල්පතිවරුන් දෙදෙනාට දැනුම් දුන්නේ පරිපාලන ගැටලු බලධාරින් සමඟ සාකච්ඡා කර විසඳා ගන්නා ලෙසයි.

නොච්චියාගම විද්‍යාදර්ශ මධ්‍ය මහා විද්‍යාලයේ නව විදුහල්පතිවරයා ලෙස උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් පත් කර එවා තිබුණේ නොච්චියාගම - බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයායි.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය පදනම් කර ගනිමින් විද්‍යාදර්ශී මහා විද්‍යාලයේ සිසුන් ඇතැම් ගුරුවරුන් සහ දෙමාපියන් රතිඤ්ඤා පත්තු කරමින් කහලකාරි ලෙස හැසිරුණා.

මේ නිසා අනුරාධපුර, කොළඹ මාර්ගයේ ඇති වුණේ දැඩි රථ වාහන තදබදයක්.


ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More