බීමත් රියදුරන්ට වැඩ වරදී

Wednesday, 06 April 2016 - 16:04

%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
අලුත් අවුරුදු උත්සව සමයේ රිය අනතුරු අවම කර ගැනීම සඳහා පොලිසිය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ අනුව ලබන 10 වනදා සිට 20 වනදා දක්වා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වැඩි කර ඇති බවයි පොලිසිය නිවේදනය කලේ.

එමෙන්ම අවුරුදු සමයේ නගරවලට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ අතර නිල ඇඳුමින් මෙන්ම සිවිල් ඇඳුමින් ද නිලධාරීන් යොදවා ඇති බවයි පොලිසිය නිකුත්කල නිවේදනයේ දැක්වෙන්නේ.

පොලිස් ජංගම රථ හා යතුරුපැදි සංචාර මගින් නීතිය හා සාමය ආරක්ෂා කිරීමට තවදුරටත් කටයුතු කර තිබෙනවා.

මීට අමතරව මහජනතාව වැඩිපුර පැමිණෙන නගරවල රථ වාහන තදබදය අවම කිරීම සඳහා ද විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

උත්සව සමයේ ගිනි කෙළි භාවිතයෙන් වන අනතුරු අවම කර ගැනීම සඳහා ද ගිනි කෙළි භාවිතයෙන් දරුවන් ඉවත් කිරීම වඩා වැදගත් බව ද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් ප්‍රකාශකර තිබෙනවා.


ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More