අස්ගිරි මහ නාහිමි තෝරා පත්කරගැනීම අද

Thursday, 07 April 2016 - 7:15

%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
අස්ගිරි පාර්ශවයේ 22 වන මහා නාහිමියන් පත් කර ගැනීම අද සිදුකිරීමට නියමිතයි.

ඒ අස්ගිරි මහා විහාරයේ පිහිටි ඓතිහාසික උපෝසථාගාරයේදියි.

අස්ගිරි මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද පස්වරු තුනට මහ නාහිමියන් තෝරා පත්කර ගැනීම සඳහා භික්ෂූන් වහන්සේලා රැස්වන බවයි.

අස්ගිරි මහා නාහිිමියන් ලෙස කටයුතු කළ අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී නා හිමියන් පසුගිය මාර්තු මස 9 වනදා අපවත්වීම හේතුවෙන් එම තනතුර හිස්වුණා.

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහනායක පදවිය  සඳහා ඉදිරිපත්වීමට අනුනායක ස්වාමීන් වහන්සේලා දෙනමක් පසුගියදා තීරණය කළා.

පොළොන්නරුව - සොලොස්මස්ථානාධිපති පූජ්‍ය වේඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේ සහ බදුල්ල - මුතියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය වරකාගොඩ ඥාණරතන ස්වාමීන් වහන්සේ ඒ අනුව මහනායක පදවිය සඳහා ඉදිරිපත්වීමට සංඝ සභික හිමිවරුන්ට දැහැත් පිළිගන්වමින් දැනුම් දුන්නා.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More