ඇඹිලිපිටිය පොලීසියේ 12 කට චෝදනා

Thursday, 07 April 2016 - 12:35

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+12+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ඇඹිලිපිටියේදී සාදයක් අතරතුර පොලීසිය සමඟ ඇතිවූ ගැටුමකින් පසුව සුමිත් ප්‍රසන්න නැමති තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 12 දෙනෙකුට චෝදනා පත්‍ර ගොනුකර ඇති බව ජාතික පොලිස් කොමිසම පවසනවා.

එම කොමිසම සඳහන් කළේ ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් 12  දෙනෙකුට එරෙහිව මෙලෙස චෝදනා පත්‍ර ගොනුකර ඇති බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජාතික පොලිස් කොමිසම විසින් පත් කළ කමිටුව මෙම චෝදනා පත්‍ර සකස් කර තිබෙනවා.

ඒ අනුව ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධයෙන් අද දිනයේ රැස්වී පොලිස් කොමිසම තීරණයක් ගනු ඇති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඇඹිලිපිටිය - මහඇල  ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර පොලිසිය සමඟ ඇතිවූ ගැටුමකින් සුමිත් ප්‍රසන්න මියගියේ පසුගිය ජනවාරි 07 වැනිදායි.

මෙම සිද්ධියට ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී ඞී.සී.ධර්මරත්න අත්අඩංගුවට ගත් අතර ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුලූ තවත් පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කළත් මෙතෙක් ඔවුන් අත්අඩංගුවට ගෙන නැහැ.

මේ අතර අධිකරණ නියෝගයකට අනුව සුමිත් ප්‍රසන්නගේ මළ සිරුර මාර්තු මස 15 වනදා ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු ඉදිරියේ යළි ගොඩගනු ලැබුවා.


තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More

කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක (වීඩියෝ)
Saturday, 30 May 2020 - 22:40

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් විවේකාරාම... Read More