හිටපු ජනපතිගේ ආරක්ෂාව ඉවත් කරපු හැටි

Thursday, 07 April 2016 - 13:10

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කර නොමැති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා.

අද (07) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ හමුදා ආරක්ෂාව වෙනුවට පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කළේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ගැන සිතා බවයි.

ඒ අනුව මේ වනවිටත් 256 දෙනෙකු හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට සිටින බවයි ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මාධ්‍ය හමුවට එක්වු සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට පොලිසිය යෙදවීමට තීරණය කළේ කිසිදු පුද්ගල පළිගැනීමක් මත නොවන බවයි.

මේ අතර, ජාතික නිදහස් පෙරමුණ අද කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වු එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගෙන් හමුදා ආරක්ෂාව ඉවත් කළේ ප්‍රධාන දේශපාලන සතුරාගෙන් පළිගැනීමක් ලෙස බවටයි.

ජනතා විමුක්ති පෙරමුණද කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීද මේ පිළිබඳව අදහස් පළ වුණා.

එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ ආරක්ෂාව පිළිබඳව තීරණ ගත යුත්තේ ඊට අදාළ ආයතනවලින් බවයි.





නව ඉන්දීය මහකොමසාරිස්, විදේශ ඇමති හමුවෙයි
Tuesday, 26 May 2020 - 14:59

ශ්‍රී ලංකාවේ, නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ අද විදේශ... Read More

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් එක්ලක්ෂ 45,000ක්
Tuesday, 26 May 2020 - 14:36

කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමකට ලක්වූ රටවල් 10 ට එක්වී ඇති ඉන්දියාවේ... Read More

Update - වැල්ලම්පිටියේ ගින්න පාලනය කෙරේ
Tuesday, 26 May 2020 - 14:35

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පිහිටි පරිප්පු ඇසුරුම්... Read More