හෙරොයින් කිලෝග්‍රෑම් 110 ක් සමඟ අත්අඩංගුවට ගත් විදේශිකයන් 13 දෙනා රිමාන්ඩ්

Thursday, 07 April 2016 - 16:10

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+110+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+13+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 110 ක් සමඟ දකුණු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් පසුගියදා අත්අඩංගුවට ගත් විදේශිකයින් 13 දෙනා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් කොළඹ - කොටුව වැඩබලන මහේස්ත්‍රාත් අරුණි ආටිගල හමුවට අද (07) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් ඉරාන ජාතිකයන් 09 ක්, සිංගප්පූරු ජාතිකයන් දෙදෙනෙක් සහ පාකිස්තාන ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන්ගෙන් දින 07 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පසුගිය අප්‍රේල් 02 වනදා අධිකරණය අවසර ලබා දුන්නා.

එමෙන්ම, මෙම හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් තුන් දෙනෙකුද අත්අඩංගුවට ගත් අතර, ඔවුන් ලබන 10 වනදා තෙක් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දැනුම් දී තිබෙනවා.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 23:45

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 22:56

තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

වැලිකඩ සිද්ධියට වත්මන් ජනපති ඈඳා ගැනීමේ යහපාලන ආණ්ඩුවේ උත්සහයක් ගැන අනාවරණයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 22:44

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී සිදුවීමට එවක... Read More