නව අස්ගිරි මහ නාහිමියන් තේරී පත් වෙයි

Thursday, 07 April 2016 - 17:20

%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් ලෙස එම පාර්ශවයේ අනුනායකව සිටි පූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් අද (07) තේරී පත්වුණා.

අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාවේ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මංගල උපෝසථාගාරයේදීයි නව මහනායක හිමියන් පත්කර ගනු ලැබුවේ.

ඒ සඳහා සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ සභික හිමිවරුන් 19 දෙනෙකු එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බදුලූ - මුතියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය වරකාගොඩ ඥානරතන සහ පොලොන්නරුව සොලොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඬරුවේ උපාලි යන අස්ගිරි පාර්ශවයේ අනුනාහිමිවරුන් දෙනමම මහනායක ධුරය සඳහා ඉදිරිපත් වී සිටියා.

කෙසේ වෙතත්, කාරක සංඝ සභාවේ හිමිවරුන් ජ්‍යෙෂ්ඨත්වය සහ අනෙකුත් සියලූ සුදුසුකම් බලා මහනායක ධුරය සඳහා බදුලූ මුතියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් තෝරාගනු ලැබුවා.

1955 වසරේ අප්‍රේල් මස 07 වනදා වරකාගොඩ ඥානරතන නමින් අස්ගිරි මහා විහාර මංගල උපෝසථාගාරයේදී උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වුණා.

මේ වනවිට 76 වන වියේ පසුවන මහනායක හිමියන් පැවිදි දිවියට ඇතුළු වූ අදවන් දිනකම අස්ගිරි පාර්ශවයේ මහනායක ධුරයට පත්වීමද විශේෂත්වයක්.





පැය 10ට ආසන්න කාලයක්, ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් CIDයෙන් පිටව යයි
Thursday, 09 July 2020 - 20:08

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැය 10ට ආසන්න කාලයක්, ප්‍රකාශයක්... Read More

සහන ජනතාවගේ අතට - සජිත්
Thursday, 09 July 2020 - 19:57

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු තමා විසින්ම ජනතාවගේ අතට සහන ලබාදීම... Read More

මාරවිල කොරෝනා ආසාදිත කාන්තාවගේ පවුලේ සාමාජිකයින් 07දෙනෙක් ස්වයං නිරෝධායනයට
Thursday, 09 July 2020 - 19:57

මාරවිල කොරෝනා ආසාදිත කාන්තාවගේ පවුලේ සාමාජිකයින් 07දෙනෙක්... Read More