උතුර පළාත් සභාව ෆෙඩරල් ඉල්ලයි

Thursday, 07 April 2016 - 18:36

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B7%86%E0%B7%99%E0%B6%A9%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
භාෂාව පදනම් කරගත් ප්‍රාන්ත දෙකකින් සමන්විත ෆෙඩරල් රාජ්‍යයක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කරමින් උතුර පළාත් සභාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා සිය යෝජනාවලිය ඉදිරිපත් කර තිබෙනවා.

උතුර පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥානම් විසින් අදාළ යෝජනාව අද (07) එම පළාත් සභාව වෙත ඉදිරිපත් කළා.

එහිදී යෝජනා වී ඇත්තේ සිංහල සහ දෙමළ භාෂාව පදනම් කරගත් ප්‍රාන්ත සභා දෙකක් පිහිටුවිය යුතු බවටයි.

එහි සිංහල භාෂාව පදනම් කරගත් ප්‍රාන්තය දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවන අතර, දෙමළ භාෂාව කේන්ද්‍ර කරගත් ප්‍රාන්තය උතුර - නැගෙනහිර දෙපළාත කේන්ද්‍ර කරගනිමින් පිහිටුවීම සඳහා අදාළ යෝජනා කර තිබෙනවා.

ඊට අමතරව දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවන ප්‍රාන්ත සභාව යටතේ කඳුරට ප්‍රදේශය සඳහා වෙනම පාලන ඒකකයක් පිහිටුවීම හා උතුර නැගෙනහිර කේන්ද්‍ර කරගත් ප්‍රාන්ත සභාව යටතේ නැගෙනහිර මුස්ලිම් ප්‍රදේශ සඳහා වෙනම පාලන ඒකකයක්ද පිහිටුවීමට යෝජනා වී ඇති බව සඳහන්.

අදාළ ප්‍රාන්ත සභා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ගනු ලබන යෝජනා ඇතුළත් කෙටුම්පත් ප්‍රාන්ත සභා දෙකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒවායින් සම්මත කර ගැනීමෙනුත් පසු යළි පාර්ලිමේන්තුවේදී සම්මත කරගත යුතු බවට වන යෝජනාවක් මෙහි අඩංගු වනවා.

කෙසේ වෙතත්, අද ඉදිරිපත් වූ යෝජනාවලිය ලබන 12 වනදා උතුර පළාත් සභාවේ පැවැත්වෙන ඡන්ද විමසීමකින් අනතුරුව සම්මත කර ගැනීමට නියමිතයි.

මෙම යෝජනාව පළාත් සභාව තුළ සම්මත වුවහොත් උතුර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ පිහිටුවා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත භාරදීම සඳහා අදාළ යෝජනාව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් වෙත ලබාදෙනු ඇති.


දැඩි වෙහෙසක් දරා ගොඩ ආ ඉසෙඩ් ඩී ඇලට වැටුණු වන අලි දෙදෙනා (වීඩියෝ)
Thursday, 28 May 2020 - 16:44

මාදුරුඔය ඉසෙඩ් ඩී ඇලට විරාන ප්‍රදේශයෙන් වැටුණු වන අලි දෙදෙනෙකු... Read More

දිස්ත්‍රික්ක 6 කට තවදුරටත් නායයාමේ අවදානම්
Thursday, 28 May 2020 - 16:10

පවතින වර්ෂාපතනයත් සමඟ දිස්ත්‍රික්ක 6 ක් සඳහා බලපැවැත්වෙන... Read More

අක්කරෙයිපත්තු - ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් සහ සැලසුම් අධ්‍යක්ෂක අල්ලස් කොමිසමේ අත්තඩංගුවට
Thursday, 28 May 2020 - 15:54

අක්කරෙයිපත්තුව - ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම්වරයා සහ එහි... Read More