අධික උෂ්ණත්වයෙන් සිය දෙනෙකු මරුට

Friday, 08 April 2016 - 9:51

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B7%82%E0%B7%8A%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අධික උෂ්ණත්වය හමුවේ ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක පුද්ගලයන් සියයකට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

තෙලන්ගානා සහ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තවලට පවතින උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

මියගිය පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් මරණයට පත්වී ඇත්තේ පසුගිය සතියේදීයි.

ඉන් 66 දෙනෙකු තෙලන්ගානා ප්‍රාන්තයේ වන අතර 45 දෙනෙකු අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේයි.

මේවන විට එම ප්‍රාන්තවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 ඉක්මවා තිබෙනවා.

පසුගිය සතියේ මෙම ප්‍රාන්තවල උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ ගිය බවයි ඉන්දීය කාලගුණ අංශ පෙන්වා දෙන්නේ.

පසුගිය වසරේ අන්ද්‍රා සහ තෙලන්ගානා ප්‍රාන්තවලට බලපෑ උෂ්ණාධික කාලගුණයෙන් දෙදහසකට වැඩි පිරිසක් මරණයට පත්වුනා.

ඉන් වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වුයේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙනුයි.



ලොව පුරා කොරෝනා ආසාදිතයින් 3,370,044ක් සුවය ලබයි
Saturday, 06 June 2020 - 20:00

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 6,876,381 දක්වා... Read More

ඉන්දුනීසියාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් අද වාර්තා වේ
Saturday, 06 June 2020 - 16:33

දිනක් තුළදී ඉන්දුනීසියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින්... Read More

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ඉතාලිය අභිබවයි
Saturday, 06 June 2020 - 10:29

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන්... Read More