ජයලලිතාගෙන් මෝදිට හසුනක්

Friday, 08 April 2016 - 9:59

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%A7+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් සහ ධීවර බෝට්ටු වහා නිදහස් කර ගැනීම සදහා දැඩි ක්‍රියාමාර්ගයකට එළඹෙන ලෙස තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මෝදි වෙත ලිපියක් යොමුකරමින් පසුගිය 5 වනදා මෙරට මුහුදු තීරය ආක්‍රමණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත් ධීවරයින් පිළිබදවද සදහන් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.

ඉන්දීය ධීවර බෝ්ට්ටු 84 ක් මෙරට භාරයේ පවතින බවත් ඇය සිය ලිපියේ සදහන් කර තිබෙනවා.

තමිල්නාඩු ධීවරයන් දිගින් දිගටම ශ්‍රී ලංකාව විසින් අත්අඩංගුවට ගනු ලැබීම කණගාටුදායක තත්ත්වයක් ලෙසයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.