UPDATE:හිටපු ඇමති බැසිල් රාජපක්ෂ බරපතල වංචා සොයන ජනපති කොමිසමට

Friday, 08 April 2016 - 11:13

UPDATE%3A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (08) පෙරවරුවේ බරපතල වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

ඒ පසුගිය ආණ්ඩු සමයේදී ගුවන් හමුදාවට අයත්  ගුවන් යානා යොදා ගනිමින් ඔහු සිදුකළ අභ්‍යන්තර ගුවන් ගමන් පිළිබඳ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායී.

හිටපු අමාත්‍යවරයා වසර 03 ක කාලයක් ඇතුළත සිදුකරන ලද ගුවන් ගමන් වෙනුවෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ගුවන් හමුදාවට රුපියල් කෝටි 15 යි දශම 5 ක මුදලක් ගෙවා ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා අදාළ ප්‍රකාශය තවදුරටත් ලබාදෙමින් සිටින බව එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළා.

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවිනැගුම දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 26 කට අධික මුදලක් සාපරාධි ලෙස පරිහරණය කර ඇති බවටද චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර පසුව ඔහු ඇපමත මුදාහරිනු ලැබුවා.





වසර 9කට පසු ඇමරිකාව, මිනිසුන් සහිත උඩු ගුවන් චාරිකාවකට සූදානම්
Tuesday, 26 May 2020 - 11:28

කාලගුණයෙන් බාධාවක් ඇති නොවුණහොත් ඇමරිකාවේ මීළඟ අභ්‍යාවකාශ... Read More

කොවිඩ් -19 ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 332 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 11:06

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More

තවත් PCR පරීක්ෂණ 1347ක්
Tuesday, 26 May 2020 - 10:41

මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 56 දහස ඉක්මවා ගොස්... Read More