විදේශ ප්‍රතිපත්තිය ගැන ජනපතිගෙන් යළි පැහැදිලි කිරීමක්

Friday, 08 April 2016 - 12:43

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මෙරට විදේශ ප්‍රතිපත්තිය, එක් රටක් සමග පවත්නා සබදතාව තවත් රටකට අහිතකර නොවන මූලධර්මය මත පදනම් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජර්මන් පාර්ලිමේන්තුවේ නියෝජිතයන් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ (07) පැවැත්වූ සාකච්ඡාවකදීයි.

ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්වී තිබෙනවා.

ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබදතාව සියවස් ගණනාවක් දුරාතීතයට ඇදී යන බවයි.

වැදගත් ආර්ථික දැවැන්තයෙකු වන චීනය සමග ද   ශ්‍රී ලංකාව බොහෝ ක්ෂේත්‍රවලදී ප්‍රබල සබඳතා පවත්වන බවත්, ජනාධිපතිවරයා මෙහිදී සදහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට අවකාශ පවතින බවයි.


ඉන්දියාවේ කොරෝනා අසාදිතයින් සහ මරණ නැවතත් වාර්තාගත ලෙස ඉහළට
Saturday, 30 May 2020 - 9:37

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා අසාදිතයන්... Read More

ඇඳිරි නීතිය උල්ලංගණය කළ තවත් 173ක් අත්අඩංගුවට
Saturday, 30 May 2020 - 9:30

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගණය... Read More

ජගත් සාම සාධක සෙබළුන් දෙදෙනෙකු කොරෝනා වෛරසයෙන් මිය යයි
Saturday, 30 May 2020 - 9:05

අප්‍රිකානු මාලි රාජ්‍යයේ ජගත් සාම සාධක සෙබලුන් දෙදෙනෙකු... Read More