බැතිමතුන් වෙනුවෙන් මුහුද හරහා පාලමක් ඉදිවෙයි

Saturday, 09 April 2016 - 9:26

%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සෞදි අරාබියේ සිට රතු මුහුද හරහා ඊජිප්තුවට පාලමක් ඉදිකරන බව සෞදි අරාබියේ සල්මාන් රජු කයිරෝ නුවර දී ඊයේ නිවේදනය කළා.

සෞදි රජු 5 දින චාරිකාවක් සඳහා ඊජිප්තුවට පැමිණ සිටි අතර, ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් - සිසී මුණ ගැසීමෙන් අනතුරුවයි මේ බව ප්‍රකාශ කළේ.

සැතපුම් 20ක් දිගැති මෙම පාලම ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 5ක් පමණ වැය වනු ඇතැයි අපේක්ෂිතයි.

ඊජිප්තුවේ මුස්ලිම් බැතිමතුන්ට සෞදි අරාබියේ පූජනීය ස්ථානවල චාරිකා කිරීම සඳහා මෙම පාලම යොදා ගත හැකි වනු ඇති.

මෙම පාලම මගින් අප්‍රිකානු මහද්වීපය සහ ආසියානු මහද්වීපය යාවීම මහද්වීප දෙක අතර වෙළද කටයුතු කැපී පෙනෙන ලෙස ඉහළ යාමට ඉවහල් වනු ඇති බව සෞදි අරාබියේ සල්මාන් රජු නිකුත් කළ නිවේදනයේ සදහන්.


ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More