මහින්දට තවදුරටත් හමුදා ආරක්ෂාව ?

Saturday, 09 April 2016 - 12:55

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%3F
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට තවදුරටත් යුද හමුදාව යෙදවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උපදෙස් ලබාදී ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසනවා.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් ආරක්ෂාවට යොදවා සිටි  යුද හමුදා සාමාජිකයන් ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය මෙලෙස අත්හිටුවා ඇති බවයි වාර්තාවන්නේ.

හිටපු ජනාධිපතිවරයා උපුටා දක්වමින් ඇතැම් වෙබ් අඩවිද අද මෙම ප්‍රවෘත්ති වාර්තාකර තිබුණා.

කෙසේ වෙතත් පෙරේදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා ඇතුලූ සියලු ප්‍රභූවරුන්ට ලබාදී ඇති හමුදා ආරක්ෂාව ඉවත් කර ඒ වෙනුවට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙවැනි නියෝගයක් ලබාදී ඇත්දැයි අප ආරක්ෂක ලේකම් කාරුණාසේන හෙට්ටිආරච්චිගෙන් විමසීමක් කළා.  

ඔහු එහිදී කියා සිටියේ මේ දක්වා තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.


තවත් PCR පරීක්ෂණ 1347ක්
Tuesday, 26 May 2020 - 10:41

මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 56 දහස ඉක්මවා ගොස්... Read More

දෙවන කොරෝනා රැල්ලක අවදානමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි
Tuesday, 26 May 2020 - 10:27

කොරෝනා වෛරස් ආසාදනය අඩුවෙමින් පවත්නා රටවල වෛරසයේ ව්‍යාප්තිය... Read More

බස් රථවල ආසන ගණනට මගීන් ප්‍රවාහනය ඉදිරියේදී නීතියක් වෙයි
Tuesday, 26 May 2020 - 10:24

බස් රථවල ආසන ගණනට මගීන් ප්‍රවාහනය කිරීම ඉදිරියේදී නීතියක්... Read More