අගමැති චීන ජාතික වීර ස්මාරකයට උපහාර දක්වයි

Saturday, 09 April 2016 - 13:02

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB+%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
මහජන චීන සමූහාණ්ඩුවේ නිළ සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ සන්ධ්‍යාවේ බීජිං නුවර තියන්ආන්මෙන් චතුරස‍්‍රයේ පිහිටි ජාතික වීර ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා තිබෙනවා.

නව චීනය බිහි කරලීම සඳහා සිදුකෙරුණු දීර්ඝ කාලීන අරගලය වෙනුවෙන් දිවි පිදූ සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් සිහිපත් කරමින් ස්ථාපිත කෙරුණු චීනයේ ජාතික වීර ස්මාරකය වෙත විදේශීය අමුත්තන් විසින් උපහාර දැක්වීම සාම්ප්‍රදායිකව සිදුවන්නක්.

ඊයේ සන්ධ්‍යාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාතික වීර ස්මාරකය වෙත කැදවාගෙන විත් ඇත්තේ රිය පෙරහැරකින්.

එහිදී චීන හමුදා තූර්ක වාදක කණ්ඩායම විසින් ශ්‍රී ලංකා ජාතික ගීය වාදනය කර තිබෙනවා.

අනතුරුව හමුදා ආචාර මධ්‍යයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ස්මාරකය අභිමුවට ගොස් පුෂ්පෝපහාර දැක්වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ සියල්ලන් එම අවස්ථාව සඳහා එක්වී ඇති බව සදහන්.

බීජිං නුවර ජාතික වීර ස්මාරකය ඉදිකිරීම 1949 වර්ෂයේදී එවකට කොමියුනිස්ට් පක්ෂ සභාපති ධුරය දැරූ මාවෝ සේතුං විසින් ආරම්භ කර ඇති අතර එය විවෘත කර ඇත්තේ 1958 වසරේ මැයි 1 වන දායි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ චීන චාරිකාව සහ චීන - ශ්‍රී ලංකා සබදතා පිළිබද අදහස් දක්වමින් ඉන්දියාවේ හින්දු පුවත්පත ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව නැවතත් චීනයේ නව සේද මාර්ග සිතියමට ඇතුළත් වී ඇති බවයි.

චීනයේ මූල්‍යාධාරයෙන් ඉදිවන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් කරුණු දක්වා තිබෙනවා.   


UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138ක් දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 22:09

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස්... Read More

අටළුගමදී හිරු මාධ්‍යවේදියාට බාධා කර මෝටර් රථයට අලාභ හානි කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 21:41

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධ ප්‍රවෘත්ති... Read More