පෝට් සිටි කලාපයට තර්ජනයක් නොවන බවට සහතිකයක්

Saturday, 09 April 2016 - 18:43

%E0%B6%B4%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සිය තුන්දින චීන නිල සංචාරය අවසන් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලූ දුත පිරිස අද යළි ශ්‍රී ලංකාව බලා පිටත්වී තිබෙනවා.

චීනය බලා පිටත්ව ගියේ පසුගිය බදාදායි.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා දුත පිරිස චීන ජනාධිපති ෂී - ජින්පිං සහ අග්‍රාමාත්‍ය ලී ක්චියාන් හමුවී ද්වීපාර්ශවික සාකච්ඡා සිදුකළා.

ඊට අමතරව, බීජිං නුවර පැවැති චීන ව්‍යාපාරික සමුළුවකට ද ශ්‍රී ලංකා දුත පිරිස එක්වුණා.

මේ අතර, ස්වාධිපත්‍ය, භෞමික අඛන්ඩතාව සහ සංවර්ධනය මූලික කරගෙන පොදු ප්‍රශ්නවලදී අනෝන්‍ය වශයෙන් සහය ලබාදීමට චීනය සහ ශ්‍රී ලංකාව එකඟ වූ බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ චීන සංචාරයෙන් පසු නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශනයෙන්.

කරුණු 20 ක් යටතේ නිකුත් කර ඇති එම ප්‍රකාශනයෙන් චිනය සහ ශ්‍රී ලංකාව අතර සබදතා ඉහළ නැංවීම සදහා අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය තුළ ගැණුනු පියවර ද පැහැදිලි කර තිබෙනවා.

තෙදින චීන නිල සංචාරය අවසන් කරමින් චීනයේ බීජිං නුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පෝට් සිටි ව්‍යාපෘතිය ආරම්භ කිරීම කලාපීය රටවල ආරක්ෂාවට තර්ජනයක් නොවන බවයි.



නව ඉන්දීය මහකොමසාරිස්, විදේශ ඇමති හමුවෙයි
Tuesday, 26 May 2020 - 14:59

ශ්‍රී ලංකාවේ, නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ අද විදේශ... Read More

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් එක්ලක්ෂ 45,000ක්
Tuesday, 26 May 2020 - 14:36

කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමකට ලක්වූ රටවල් 10 ට එක්වී ඇති ඉන්දියාවේ... Read More

Update - වැල්ලම්පිටියේ ගින්න පාලනය කෙරේ
Tuesday, 26 May 2020 - 14:35

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පිහිටි පරිප්පු ඇසුරුම්... Read More