අම්බලන්ගොඩදී මව සහ පුතා දුම්රියට බිලිවෙයි (ඡායාරූප)

Saturday, 09 April 2016 - 20:09

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අම්බලන්ගොඩ - ගල්දුව දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් දුම්රියක ගැටී අද (09) පස්වරුවේ සිදුවු අනතුරකින් මවක සහ පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මවගේ වයස අවුරුදු 28 ක් වන අතර, මියගිය දරුවාගේ වයස අවුරුදු 06 ක්.

ගේට්ටුකරුගේ අණ නොතකා ස්කූටර් වර්ගයේ යතුරුපැදිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය ඔස්සේ ගමන් කරවීමට මෙම මව උත්සාහ කර ඇති අතර, එහිදී එය දුම්රියෙහි ගැටී තිබෙනවා.

සිද්ධියෙන් දරුවා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, මව මියගොස් ඇත්තේ ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් මෙම කාන්තාව  තම දරුවාගේ උත්සවයකට ඇඳුම් මිලදී ගැනීමට ගමන් කරමින් සිටියදී මෙම අවසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය කාන්තාවගේ සැමියා  අද දින ඉතාලියේ සිට පැමිණෙන බවත් මේ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ඔහු නොදන්නා බවත් වැඩි දුර තොරතුරු සෙවූ අප වාර්තාකරුට ගම්වාසීන් ප්‍රකාශ කර තිබෙනවා.



ඡායාරූප - දීපාල් අම්බලන්ගොඩ



ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 57 ලක්ෂයට ආසන්න වෙයි
Wednesday, 27 May 2020 - 7:17

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 56 ලක්ෂ... Read More

කටාර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙකු දිවයිනට
Wednesday, 27 May 2020 - 6:29

කටාර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙකු අද අලුයම බණ්ඩාරනායක... Read More

පළාත් කිහිපයකට අද තද වැසි
Wednesday, 27 May 2020 - 6:12

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්... Read More