Update : රතිඤ්ඤා කරලක් 102කට මරු කැඳවයි

Sunday, 10 April 2016 - 7:56

Update+%3A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A++102%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොල්ලම් හි පුටින්ගල් කෝවිලේ අද අලුයම ඇතිවූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එහිදී තුවාල ලැබූ සංඛ්‍යාව 350 කට අධිකයි.

කෝවිලේ පූජා උත්සවයක් සඳහා අද දිනයේ 15 000 ක පමණ පිරිසක් රැස්ව සිටි අතර, අලුයම තුනට පමණ ගින්න හටගෙන ඇත්තේ දැල්වූ රතිඤ්ඤයක්, තවත් රතිඤ්ඤා තොගයක් මත පතිත වී පිපිරී යාමෙන්.

එහිදී කූඩාරම්වලට ගිනි ඇවිලී ඇති අතර, ගින්නත් සමඟ බැතිමතුන් ඔබමොබ දුවගොස් තිබෙනවා.

මෙහි ගිනි කෙළි සන්දර්ශනයක් පැවැත්වීම පොලීසිය මගින් තහනම් කර තිබූ බවයි දිස්ත්‍රික් පොලිස් බලධාරීන් ප්‍රකාශ කළේ.

ඒ අනුව කෝවිලේ භාරකරුවන්ට එරෙහිව නඩුවක් ගොනුකරනු ඇති.

සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය කනස්සල්ල පළ කළ අතර, විශේෂ වෛද්‍ය කණ්ඩායමක් සමඟ ඔහු කේරළයට පැමිණෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.





Update : Sunday, April 10, 2016 14.14
---------------------------------------------

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ආගමික ස්ථානයක ඇතිවු හදිසි ගින්නකින් පුද්ගලයන් 80 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

අදාළ ආගමික ස්ථානයේ පැවති උත්සවයකදී භාවිත කිරීමට තිබු ගිනි කෙළි හේතුවෙන් ගින්න හටගෙන ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මෙම අනතුරින් තවත් 200 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

අද අලුයම 3.30 ට පමණ ගිනි කෙළි ගබඩා කර තිබු ස්ථානයෙන් ආරම්භ වී පැතිර ගොස් ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කලේ.

තුවාල ලැබුවන් බරපතල ලෙස පිළිස්සී ඇතැයි ද සඳහන්.

ඔවුන් තිරුවානන්තපුරම් ප්‍රදේශයේ රෝහල් වෙත ඇතුලත් කර තිබෙනවා.

 ඒ අවස්ථාවේදී 15 000 ක පමණ පිරිසක් එහි රැස්ව සිටි බව සඳහන්.

ගිනිගත් රතිඤ්ඤා කරලක් තවත් රතිඤ්ඤා වැලකට වැටීි ඇතිවූ ගින්න කූඩාරමකට ඇවිලීමෙන් එය පැතිරී ඇති බවයි පොලීසිය අනාවරණ කරගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද කනස්සල්ල පළ කර තිබෙනවා. 

මෙම සිද්ධිය පිළිබඳ වහාම විමර්ශණයක් සිදුකරන ලෙසටයි කේරළ ප්‍රාන්ත අමාත්‍ය රමේෂ් චෙන්නිතලා බලධාරීන්ට නියෝග කර ඇත්තේ.

අදාළ ආගමික ස්ථානයේ පැවැත්වෙන උත්සවයේදී ගිනි කෙළි භාවිත කිරීමට පොලිසියට අවසර ලබාදී නොතිබු බව ද විදෙස් වාර්තාවල සඳහන්.



ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More

ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More