බළල් පැටවා හඳුන් දිවියෙක් වෙයි (ඡායාරූප)

Sunday, 10 April 2016 - 9:30

%E0%B6%B6%E0%B7%85%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මවගෙන් මගහැරී දුම්රිය මාර්ගයේ අතරමංව සිටි කුඩා හඳුන් දිවි පැටවෙකු හැට්න් ප්‍රදේශයේ නිවැසියන් පිරිසක් විසින් පොලිසියට භාරදී තිබෙනවා.

ඊයේ පස්වරුවේ හැට්න් දුම්රිය ස්ථානය ආසන්නයේ සිටියදී බළල් පැටවකු බව සිතා මෙම සත්වයා ප්‍රදේශවාසියකු විසින් නිවසට රැගෙන විත් තිබෙනවා.

පසුව පරීක්ෂා කිරීමේදීයි එම සත්වයා හඳුන් දිවි පැටවකු බවට අනාවරණ වී ඇත්තේ.

අනතුරුව එම හඳුන් දිවි පැටවා හැටන් පොලිසියට භාරදී තිබෙනවා.

එම සත්වයා නල්ලතන්නිය වනජීවී කාර්යාලයට භාරදෙන බවයි හැටන් පොලිසිය සඳහන් කර ඇත්තේ.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ