වසර 10 ක් තුළ ඩොලර් බිලියන 20 ක මුදලක් වංචනිකව රටින් පිටකර ඇති බවට තොරතුරු

Monday, 11 April 2016 - 7:36

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+20+%E0%B6%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
2004 වසරේ සිට 2013 වසර දක්වා දස වසරක කාලයක් තුළදී රුපියල් ටි‍්‍රලියන 2.88 ක් එනම් ඇමරිකානු ඩොලර් බිලියන 19.96 ක මුදලක් වංචා සහගත ලෙස මෙරටින් පිට කර ඇතැයි ඒ පිළිබඳව නිරීක්ෂනය කළ ග්ලෝබල් ෆයිනෑන්ෂල් ඉන්ටග්‍රිටි නම් ඇමරිකානු ආයතනය අනාවරණ කළා.

ඒ අනුව මෙරට දේශපාලනඥයින් ව්‍යාපාරිකයින් සහ බදු වංචාකරුවන් ඇතුලූ බොහෝ පිරිසක් මෙම දැවැන්ත වංචාවට සම්බන්ධ වී ඇති බවටයි ඔවුන් සඳහන් කළේ.

වැඩිම මුදල් වංචාවක් සිදුව ඇති වසර ලෙස 2011 හඳුන්වා දී ඇති අතර එම වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 4.6 ක මුදලක් රටින් පිටකර ඇති බවට වාර්තාවනවා.

2010 වසරේදී මෙරටින් පිට කරන ලද මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.63 ක්.

ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටා ඇති මෙම ග්ලෝබල් ෆයිනෑන්ෂල් ඉන්ටග්‍රිටි ආයතනය නීතිවිරෝධී මුදල් සම්බන්ධයෙන් විශ්ලේෂනය කිරීම හඳුනාගැනීම සහ ඒ පිළිබඳව උපදෙස් ලබාදීම සිදුකරන ආයතනයක් ලෙස ක්‍රියාත්මකයි.

මේ අතර බණ්ඩාරගම ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වූ විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කියා සිටියේ මෙරට පුද්ගලයන් කිහිපදෙනෙකු පැනමාවේ ෆොන්සීකා නීති සමාගමේ ගිණුම් පවතින බවට තොරතුරු අනාවරණ වී ඇති බවටයි. 


සෞඛ්‍ය සේවය අගමැතිගේ ඇගයීමට (වීඩියෝ)
Saturday, 06 June 2020 - 20:26

ඇතැම් බලවත් රටවල් හා සැසදීමේදී මෙරට සෞඛ්‍ය සේවය ඉටුකරන කාර්යභාර්ය... Read More

පාස්කු කොමිසමේදී දුන් ප්‍රකාශයක් ගැන අද යළි අනාවරණයක් (වීඩියෝ)
Saturday, 06 June 2020 - 19:49

පාස්කු ප්‍රහාරය සිදු වූ දින දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයේ... Read More

රත්නජීවන් හූල්ට එරෙහිව පොදුජන පෙරමුණෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
Saturday, 06 June 2020 - 19:46

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබා නොදෙන ලෙස මැතිවරණ කොමිෂන්... Read More