Update : අග්‍රාමාත්‍යවරයාගේ ලිඛිත පොරොන්දුවෙන් වරාය සේවක වර්ජනය අවසන්

Monday, 11 April 2016 - 14:35

Update+%3A+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%9B%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
අවුරුදු ප්‍රසාද දීමනාව කප්පාදු කිරීම ඇතුළු ඉල්ලීම් 5ක් මුල් කර ගනිමින් වරාය සේවකයින් ආරම්භ කළ වර්ජනය සහ උපවාසය අද පස්වරුවේ අත්හිටුවනු ලැබුවා.

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව අදාළ ඉල්ලීම් ඉටු කරන බවට අග්‍රාමාත්‍යවරයා ලිඛිතව ලබාදුන් පොරොන්දුවත් සමඟයි.

අරලියගහ මන්දිරයේ පැවැති මෙම සාකච්ඡාවට වරාය සහ නාවික අමාත්‍ය අර්ජුණ රණතුංග, මලික් සමරවික්‍රම සහ නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් ද එක්ව සිටියා.  

වරාය සේවකයින් මීට දින 6කට පෙර මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ අතර, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමය, ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව ඊට එක්ව සිටියා.

ඔවුන් පසුගිය 8 වන දා දහවල් කෑම පැයේදී වරාය අංක 3 පිවිසුම ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

අනතුරුව ඊයේ වරාය සේවකයින් සිව් දෙනෙකු අංක 3 පිවිසුමේ වහලය මත නැග, විරෝධතාවයේ නිරත වුණේ තම ඉල්ලීම් ලබාදෙන ලෙස බල කරමින්.

කෙසේ වෙතත්, වරාය සේවකයින්ගේ ඉල්ලීම් පිළිබදව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද සාකච්ඡාවක් කැදවා තිබූ අතර ඊට වරාය වෘත්තීය සමිති නියෝජිතයින් ද එක්වුණා.

සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් රැස්වුණේ වරාය අංක 3 පිවිසුම අසළටයි.

තම ඉල්ලීම්වලට අග්‍රාමාත්‍යවරයාගෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණු නිසා වර්ජනය අත්හිටුවන බවයි වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ සම කැදවුම්කරු ප්‍රසන්න කළුතරගේ එහිදී සදහන් කළේ.

මේ අතර, අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී පැමිණි එකඟතා සදහන් කරමින් වරාය හා නාවික අමාත්‍යාංශ කාර්යාලය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළා.

එහි දැක්වුණේ වරාය අධිකාරියේ සියලු සේවකයින්ට විශේෂ අවුරුදු දීමනාවක් ලබාදීමට එහිදී එකඟතාවකට පැමිණි බවයි.

ඵලදායීතාව අනුව දෙසැම්බර් මාසයේදී ද විශේෂ දීමනාවක් ලබාදීම එහිදී ඇති වූ තවත් එකඟතාවක්.

ඊට අමතරව ජය බහලූ පර්යන්තයේ දිරි දීමනාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනා සාකච්ඡා කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා.




Update : Monday, April 11, 2016 18.46
----------------------------------------------------

අලුත් අවුරුදු ප්‍රසාද දීමනාව වැඩි කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වරාය සේවකයින් දින හයක් තිස්සේ දියත් කළ වර්ජනය සහ උපවාසය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

වරාය අධිකාරියේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් බෙංගමුවගේ සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා සමඟ අද පැවති සාකච්ඡාවෙන් පසු කප්පාදු කළ ප්‍රසාද දීමනා ලබාදෙන බවට ලිඛිතව පොරොන්දුවීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම අනෙකුත් ඉල්ලීම්වලටද මාසයක් ඇතුළත විසඳුම් ලබාදීමට පොරොන්දු වූ බවයි ඔහු සඳහන් කළේ.


UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138ක් දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 22:09

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස්... Read More

අටළුගමදී හිරු මාධ්‍යවේදියාට බාධා කර මෝටර් රථයට අලාභ හානි කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 21:41

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධ ප්‍රවෘත්ති... Read More