නොරොච්චෝලෙයි යලි අක්‍රීය වෙයි

Tuesday, 12 April 2016 - 12:37

%E0%B6%B1%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9D%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නොරොච්චෝලේ තාප බලාගාරයේ තුන්වන විදුලි ජනන යන්ත්‍රය ඊයේ සිට අක්‍රියව පවතින බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා.

එම අමාත්‍යාංශයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙලෙස ජනන යන්ත්‍රය අක්‍රිය වුවද එය විදුලි සැපයුමට බාධාවක් නොමැති බවයි.

බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රයෙන් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් මෙරට විදුලිබල පද්ධතියට එක්කෙරෙනවා.

එමෙන්ම නොරොච්චෝලේ තාප බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයෙන් නිපදවන්නේ ද නියමිත ප්‍රමාණයට වඩා අඩු ධාරිතාවක් බවද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, තාප බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය ඉදිරි දින 03 ඇතුළත යථා තත්ත්වයට පත් කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ.

එමෙන්ම පවතින විදුලි අර්බුදයට පිලියම් ලෙස මෙගාවෙට් 55ක විදුලි ධාරිතාවක් පෞද්ගලික බලාගාරවලින් ලබාගැනීම සඳහා ටෙන්ඩර් කැදවා ඇති අතර එම ටෙන්ඩර් අද දිනයේ විවෘත කරන බවත් ඔහු ප්‍රකාශ කළා.



බඹර ප්‍රහාරයකට ලක්වූ තිදරු මවක් ජීවිතක්ෂයට
Monday, 25 May 2020 - 12:22

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින්... Read More

වෙළඳසැලක් සහ මුද්‍රණාලයක් කඩා භාණ්ඩ සහ මුදල් සොරාගෙන
Monday, 25 May 2020 - 11:43

හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම මංසන්ධියේ පිහිටි... Read More

කොවිඩ්-19 වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 300 දක්වා ඉහළට
Monday, 25 May 2020 - 11:28

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More