හොඳම යතුරුපැදි ධාවන ශූරිය රිය අනතුරකින් මරුට (ඡායාරූප)

Tuesday, 12 April 2016 - 15:33

%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%B8+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හොඳම යතුරුපැදි ධාවන ශූරිය ලෙසට ඉන්දියාවේ කිරුළු පැළඳි වීනු පලිවාල් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ සවස මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේදී මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දීය පුවත් සේවාවල දැක්වෙන්නේ.

44 හැවිරිදි වීනු පලිවාල් ජායිපුර් ප්‍රදේශයේ පදිංචිකාරියක් වනවා.

ඇය ගමන් කල යතුරුපැදිය ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි සඳහන්.

අනතුරින් පසු ඇය රෝහල් ගතකර ඇති අතර වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ යතුරුපැදි ශූරිය රෝහලට රැගෙන එන විට ද මරණයට පත්ව සිටි බවයි.

ඉන්දියාව පුරා සංචාරයක නිරතවී විශේෂ වැඩසටහනක් නිර්මාණය කිරීමට ද වීනු පලිවාල් සැලසුම් කර තිබී ඇතැයි සඳහන්.

ඒ වෙනුවෙන් කල සංචාරයකදී ඇය මෙම අනතුරට ලක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.







ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More

ඇමරිකාවේ නගර රැසකට ඇඳිරි නීතිය
Sunday, 31 May 2020 - 10:20

නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More