පොලිසිය පැනමා නීති සමාගම වටලයි

Wednesday, 13 April 2016 - 10:36

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
අති විශාල මූල්‍ය ගලනයකට මඟ පෑදු බව කියන පැනමාවේ මොසැක් ෆොන්සේකා නීති සමාගම එරට පොලිසිය විසින් ඊයේ (12() වටලා තිබෙනවා.

ලෝක බලවතුන් සහ ධනවතුන් සිය වත්කම් සැගවීමේ සහ බදු වංචා කිරීමේ සිද්ධීන් පිළිබඳව පැනමා නීති සමාගමේ රහස්‍ය ලිපි ලේඛණ හෙලිදරව්වීමත් සමඟ මේ පිළිබඳව ලොවපුරා මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණා.

මෙම ගණුදෙනු පිළිබඳව මේ වනවිට බොහෝ රටවල් අභ්‍යන්තර පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.

මේ අතර මොසැක් ෆොන්සේකා නීති සමාගමේ එල් සැල්වදෝර ශාඛාවද එරට ආරක්ෂක අංශ පසුගිය 09 වැනිදා පරීක්ෂාවට ලක් කළා.

පැනමාවේ ජනාධිපති යුවාන් කාලෝස් ප්‍රකාශ කළේ ලොවපුරා විනිවිදභාවයකින් යුත් මූල්‍ය ගනුදෙනු සඳහා අතහිත දීමටත් සීමා මායිම් රහිත කූට සමාගම් ලොවපුරා ක්‍රියාත්මක වීම වැළැක්වීමටත් සහය ලබා දෙන බවයි.  

පැනමා හෙලිදරව්වලින් පසුව අයිස්ලන්ත අග්‍රාමාත්‍යවරයාද සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා.

ඊට අමතරව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, චීන ජනාධිපති ෂී - ජින්පින්, පාකිස්තාන අගමැති නවාස් ශරීෆ්, සෞදි රජු, රුසියානු ජනාධිපති පුටින් මෙන්ම බොලිවුඞ් නළු නිළියන් ඇතුළු ඉන්දියානුවන් 500 දෙනෙකු සහ සුප්‍රකට පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ද මෙලෙස බදු පැහැර හැරීම ඇතුළු හේතූන් මත ඩොලර් බිලියන සංඛ්‍යාත ධනයක් සඟවා ඇති ස්ථාන පිළිබඳව පැනමා ලිපිවලින් තොරතුරු හෙළි කරනු ලැබුවා.



කාන්තාර පළගැටි උවදුරෙන් ඉන්දියාවට තවදුරටත් බලපෑම්
Thursday, 28 May 2020 - 10:49

කාන්තාර පළගැටි උවදුර හේතුවෙන් තවදුරටත් ඉන්දියාවේ ප්‍රාන්ත... Read More

රුසියාව අභිබවා වැඩිම කොරෝනා ආසාදිතයන් බ්‍රසීලයෙන්
Thursday, 28 May 2020 - 8:05

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් දෙවන තැනට වාර්තාවන... Read More

ස්පේස් එක්ස් රොකට්ටුව අභ්‍යවකාශ ගතකිරීම (සජීවී දර්ශන)
Wednesday, 27 May 2020 - 21:54

වසර 9 කට පසුව ඇමෙරිකාව අද දිනයේ ගගනගාමීන් රැගත් ස්පේස් එක්ස්... Read More