ජනතාව ආගමික වතාවත් අරඹයි

Wednesday, 13 April 2016 - 15:07

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
මෙවර සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ පුන්‍ය කාලයේ උදාව අපරභාග 1.24 ට සිදුවුණා.

එය ගෙවී යන්නේ හෙට පූර්වභාග 2.12 ටයි.

සියලූ වැඩ අතහැර ආගමික වතාවත්වල නිරතවීම මෙම කාලය තුළ යෝග්‍ය බවයි ජ්‍යොතිශයේ දැක්වෙන්නේ.  

ඒ අනුව, දිවයින පුරා වෙහෙර විහාරස්ථානවලට ජනතාව ආගමික වතාවත් සදහා පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

දළඳා සමිඳුන් වැද පුදා ගැනීම සදහා අති විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටි බවයි මහනුවර - දළඳා මාලිගා පරිශ්‍රයේ සිටින අප වාර්තාකරු ආර්.එම්.ආර්. රත්නායක ප්‍රකාශ කළේ.

අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැද පුදා ගැනීමට ද විශාල පිරිසක් එක්ව සිටින බව එහි සිටින අප වාර්තාකරු අතුල බණ්ඩාර සදහන් කළා.

පුන්‍ය කාලය උදාවීමත් සමග කතරගම පුදබිමට ද බැතිමතුන් පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරු ආර්.කේ. ආරියපාල සදහන් කළේ.

වතුකරයේ දෙමළ ජනතාව ද හින්දු කෝවිල්වලට පැමිණ තම ආගමික වතාවත්වලට එක්වුණා.

උතුරේ ජනතාව ද පුන්‍ය කාලය උදාවීමත් සමඟ ආගමික වතාවත්වල නිරත වූ බවයි වව්නියාව හිරු වාර්තාකරු සනත් ප්‍රියන්ත සදහන් කළේ.

අලූත් අවුරුදු උදාව අද අපරභාග 7.48 ට යෙදෙන සුභ මොහොතින් සිදුවනවා.


වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා, වැටලීම් ඇරඹේ
Friday, 29 May 2020 - 13:10

වැඩි මිලට සහල් අලෙවි කරන තොග සහ සිල්ලර වෙළඳුන් සොයා අද සිට... Read More

ඉන්දියාවේ කොරෝනා මරණ චීනය අභිබවයි
Friday, 29 May 2020 - 13:09

කොරෝනා වැළඳීමෙන් ඉන්දියාවේ මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව,... Read More

රාජිතගේ ඇප ඉල්ලීම නිශ්ප්‍රභ කරන්නැයි, නීතිපති අභියාචනාධිකරණයෙන් ඉල්ලයි
Friday, 29 May 2020 - 13:06

මහාධිකරණය විසින් ඇප අවලංගු කරමින් පසුගිය 13 වැනිදා නිකුත්... Read More