සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද ලක්වාසී ජනතාව සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් සමරයි

Thursday, 14 April 2016 - 6:56

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සිංහල දෙමළ අලූත් අවුරුදු උදාවත් සමඟ මුළු රටම අවුරුදු සිරියෙන් ඊයේ (13) ඇළලී ගොස් තිබුණා.

සිරිතට මුල්තැනදෙමින් රට පුරා ජනතාව සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ උදාව සමරනු ලැබුවේ අතිඋත්කර්ෂවත් අන්දමින්.

අවුරුදු උදාව සිදුවූයේ ඊයේ අපරභාග 7 යි 48 ටයි. මෙවර අලූත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත අපරභාග 8 යි 6ට යෙදී තිබූ අතර, වැඩ අල්ලා ගණුදෙනු කර ආහාර අනුභව කිරීම සිදුවුණේ අපරභාග 8 යි 54 ටයි.

මේ අතර, උදා වූ නව වසරේ හිස තෙල් ගෑමේ මංගල්‍යය යෙදී තිබෙන්නේ එළඹෙන සෙනසුරාදා පූර්ව භාග 10 යි 41 ටයි.

නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී බටහිර දිශාව බලා හිසට නුග පත් ද, පයට කරද පත් ද තබා තලතෙල් හා නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කිරීම සුදුසු බව සදහන්.

රැකී රක්ෂා සදහා පිටත්ව යාම සිදුවන්නේ අප්‍රේල් මස 18 වන සඳුදා පූර්ව භාග 6 යි 27 ට යෙදෙන සුබ මොහොතින්.



ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More