පොලිස් උසස්වීම්වලට කනිෂ්ඨ නිලධාරින්ගේත් යෝජනා

Thursday, 14 April 2016 - 7:14

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9A%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F
අලූතින් සකස් කෙරෙන නව උසස් වීම් පටිපාටිය සදහා කනිෂ්ඨ පොලිස් නිලධාරින්ට යෝජනා ඉදිරිපත් කිරීමට ජාතික පොලිස් කොමිසම අවස්ථාව ලබාදී තිබෙනවා.

ඒ අනුව, මේ මස 27 වනදාට පෙර එම යෝජනා ලිඛිතව පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කළ යුතු බවයි එහි ලේකම් ආරියදාස කුරේ ප්‍රකාශ කළේ.

දීර්ඝ සේවා පදනම යටතේ උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පහළ ශ්‍රේණි දක්වා උසස් වීම් ලබාදීමට හිටපු පොලිස්පතිවරයා තීරණය කර තිබුණා.

කෙසේ නමුත්, පොලිස් කොමිසම එය අත්හිටවූ අතර, කනිෂ්ඨ පොලිස් නිලධාරින්ගේ උසස්වීම් සදහා පටිපාටියක් සකස් කිරීමට එම කොමිසම පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබුවේ ඉන් අනතුරුවයි.

පරිපාලන ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨයෙකු වන සී.වී. ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුව පසුගිය සිකුරාදා රැස්වී තිබෙනවා.

එහිදී මෙලෙස අලූතින් සකස් කරන උසස්වීමේ පටිපාටියට පොලිස් නිලධාරින්ගෙන් කරුණු විමසීමට තීරණය කර ඇත්තේ.


මෙරටින් තවත් කොරෝනා ආසාදියෙකු වාර්තාවෙයි
Tuesday, 14 July 2020 - 20:32

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන්... Read More

නිදහස් පක්ෂයටත් පාට ප්‍රශ්නයක් (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 20:23

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්ණය වන නිල් පැහැය, වෙනත් දේශපාලන... Read More

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවෙයි
Tuesday, 14 July 2020 - 20:20

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන්... Read More