දකුණු පළාතේ ජල අර්බුදයක්

Thursday, 14 April 2016 - 7:16

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ජනතාව මේ වනවිට පානීය ජල අර්බුදයකට මුහුණපා තිබෙනවා.

ගාල්ල, හම්බන්තොට, කතරගම, තිස්සමහාරාම, තණමල්විල, සෙල්ලකතරගම ආදී ප්‍රදේශවල ජනතාව මෙම අර්බුදයට දැඩිව මුහුණදී සිටින බවයි වාර්තා වන්නේ.

උදාවූ  අලූත් අවුරුද්දේ ද තමන් මෙම ගැටලූවට මුහුණ දුන් බවයි ප්‍රදේශවාසීන් සදහන් කළේ.

ජල සම්පාදනය හරහා බවුසර් මගින් ජලය බෙදා හැරීමට කටයුතු කරන බවට බලධාරින් පැවසුව ද එවැන්නක් සිදු නොවූ බවයි ඔවුන් කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන් විමසීමක් කළා.

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ අදාළ ප්‍රදේශවලට ජලය බවුසර් මගින් බෙදා හැරීමට කටයුතු කර ඇති බවයි.