රතිඤ්ඤා සහ ගිනිකෙළිි අනතුරු අඩුවේ

Thursday, 14 April 2016 - 7:28

%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A
මෙවර සිංහල අලූත් අවුරුද්දේ රතිඤ්ඤා සහ ගිනිකෙළි අනතුරු ගිය වසරවලට සාපේක්ෂව විශාල අඩුවීමක් පෙන්නුම් කරන බව ජාතික රෝහල පවසනවා.

එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ ඊයේ (13) රාත්‍රියේ නව අවුරුදු උදාවත් සමග රතිඤ්ඤා අනතුරු දෙකක් පමණක් කොළඹ ජාතික රෝහලට වාර්තා වී ඇති බවයි.

කෙසේ වෙතත්, පෙරේදා රාත්‍රී 12 සිට ඊයේ රාත්‍රී 12 දක්වා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 203 දෙනෙකු ඇතුළත් කර ඇති අතර, ඉන් 98 දෙනෙකු මේ වනවිටත් නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මේ අතර, අවුරුදු සමයේ තවදුරටත් ගිනි කෙළි සහ රතිඤ්ඤා භාවිතයේ දී වඩාත් සැලකිලිමත් වන ලෙස අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චරිත් ෆොන්සේකා පවසනවා.

ඔහු කියා සිටියේ මෙවැනි හදිසි අනතුරකින් අත් හා ඇඟිලිවලට තුවාල සිදුවීම බහුල වන අතර ඇස් අන්ධවීමට තරම් බරපතල තුවාල ද සිදුවිය හැකි බවයි.


අද රාත්‍රී 10 සිට 6 වනදා උදෑසන 4 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය - පොලිසියෙන් විශේෂ මාර්ග බාධක
Wednesday, 03 June 2020 - 22:25

අද (04) රාත්‍රී 10 සිට ලබන සෙනසුරාදා (06) උදෑසන 4 දක්වා දිවයින පුරා... Read More

තවත් ආසාදිතයන් 13ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1730 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 20:52

අද දිනයේ තවත් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත... Read More

රට තුළ ආර්ථික අවපාතයක් උද්ගතව ඇතැයි රනිල් කියයි (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 20:41

රට තුළ ආර්ථික අවපාතයක් උද්ගතව ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක... Read More