පිලිපීනයට සහ මියන්මාරය හෙලවෙයි

Thursday, 14 April 2016 - 7:47

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මියන්මාරයට සහ පිලිපීනයට භූ කම්පන දෙකක් සිදුවුණා.

ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ රික්ටර් මාපකයේ 6 යි දශම 9 ක අගයක් ගත් භූ කම්පනයක් මියන්මාරයට ඊයේ ඇති වූ බවයි.

එහි බලපෑම මියන්මාරයේ - යැන්ගොං නගරයට මෙන්ම බංගලිදේශයේ - ඩකා සහ ඉන්දියාවේ - ඇසෑම් ප්‍රාන්තයට ද දැනී තිබෙනවා.

එමෙන්ම, විදෙස් වාර්තා තවදුරටත් සදහන් කළේ භූ කම්පනයත් සමග ඉන්දියාවේ - කොල්කටාහි ගොඩනැගිලි ද සෙලවී ඇති බවයි.

මේ අතර, පිලිපීනයට අද අලූයම් කාලයේ රික්ටර් මාපකයේ 5 යි දශම 9 ක අගයක් ගත් භූ කම්පනයක් සිදුවුණා.

විදෙස් වාර්තා සදහන් කළේ පිලිපීනයේ අගනුවර වන මැනිලා හි සිට කිලෝමීටර් 750 ක් දුරින් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.

මධ්‍යම ප්‍රමාණයේ ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා ලැබී නැහැ.


ෂැංහයි සහයෝගීතා සමුළුව සහ බ්‍රික්ස් සමුළුවත් කල් යයි
Thursday, 28 May 2020 - 14:11

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන ජූලි මාසයේ රුසියාවේ සෙන්පීටර්ස්බර්ග්... Read More

කාන්තාර පළගැටි උවදුරෙන් ඉන්දියාවට තවදුරටත් බලපෑම්
Thursday, 28 May 2020 - 10:49

කාන්තාර පළගැටි උවදුර හේතුවෙන් තවදුරටත් ඉන්දියාවේ ප්‍රාන්ත... Read More

රුසියාව අභිබවා වැඩිම කොරෝනා ආසාදිතයන් බ්‍රසීලයෙන්
Thursday, 28 May 2020 - 8:05

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් දෙවන තැනට වාර්තාවන... Read More