හිසතෙල් ගෑමේ නැකත අනිද්දා උදේ 10.41 ට

Thursday, 14 April 2016 - 13:40

%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%91%E0%B6%B8%E0%B7%9A++%E0%B6%B1%E0%B7%90%E0%B6%9A%E0%B6%AD+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B6%8B%E0%B6%AF%E0%B7%9A++10.41+%E0%B6%A7
සිංහල සහ දෙමළ අලූත් අවුරුදු චාරිත්‍රවල මීලග ප්‍රධාන නැකත වන්නේ හිසතෙල් ගෑමේ චාරිත්‍රයයි.

නව වසරේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය උදාවන්නේ අනිද්දා පූර්ව භාග 10 යි 41 ටයි.

නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී බටහිර දිශාව බලා හිසට නුගපත් ද, පයට කරද පත් ද, තබා තලතෙල් හා නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කිරීම සුදුසු බවයි ජ්‍යොතිෂ්‍යයේ සදහන් වන්නේ.

මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය මහා උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පයාගල - මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.

සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද ඊයේ අපරභාග 07 යි 48 ට උදා වුණා.

ආහාර පිසිමේ නැකත අපරභාග 08 යි 06 ට යෙදි තිබු අතර වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභවය සඳහා නැකත යෙදී තිබුණේ අපරභාග 8 යි 54 ටයි.

මේ වන විට රට පුරා ජනතාව අලූත් අවුරුද්ද උත්සවශ්‍රීයෙන් සමරමින් සිටිනවා.

සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍රවලට මුල් තැන දෙමින් අද දිනයේ දි බොහෝමයක් ජනතාව සිය නෑගම් යාම ආරම්භ කර ඇති බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

ඒ සදහා කොළඹ නගරය සහ අනෙකුත් ප්‍රධාන නගර ආශ්‍රීතව අවශ්‍ය පරිදි බස්රථ යොදවා තිබෙන ආකාරය ද දක්නට ලැබුණා. රැකී රක්ෂා සදහා පිටත්ව යාම සිදුවන්නේ අප්‍රේල් මස 18 වන සදුදා පූර්ව භාග 6 යි 27 ටයි

මේ අතර, අලූත් අවුරුදු සමයේ සිදුවන අනතුරු පසුගිය වසරට සාපේක්ෂව සියයට අටකින් ඉහළගොස් ඇති බව කොළඹ ජාතික රෝහල ප්‍රකාශ කළා.

පසුගිය 12 වනදා සිට මේ දක්වා වාර්තා වු සමස්ත අනතුරු සංඛ්‍යාව 507 ක් බවයි එහි ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යානි කියා සිටියේ.

කෙසේ වෙතත් වාර්තා වි ඇති ගිනිකෙළි අනතුරු සංඛ්‍යාව 04 ක්.

අලූත් අවුරුදු උත්සව වලදී ජන ක්‍රීඩාවල යෙදීමේදී සැලකිලිමත්ව කටයුතු කරන්න ලෙසද ඇය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.



අඩ සියවසක දේශපාලන දිවිය සමරන අගමැති මහින්ද ගැන දෙටු පුතු නාමල් කියූ කතාව (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 17:30

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට අදට වසර... Read More

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි
Wednesday, 27 May 2020 - 17:25

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඉදිරි පැය 36... Read More

සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ UNP සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුයි
Wednesday, 27 May 2020 - 17:13

සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ... Read More