අවාසනාව ගෙනා සෙල්ෆිය

Thursday, 14 April 2016 - 15:38

%E0%B6%85%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%92%E0%B6%BA
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ තරුණයකු අලියකු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී අනතුරට ලක්වී තිබෙනවා.

අලියා සමග ඡායාරූපය ගැනීමට උත්සාහ කල මෙම තරුණයාට අලියා පහරදී ඇති බවයි ඉන්දීය පුවත් සේවාවල දැක්වෙන්නේ.

ආගමික ස්ථානයක පැවති උත්සවයකට එක්වීමෙන් පසු විවේක ගන්වා සිටි අලියාට කෙසෙල් ලබාදෙමින් මෙම තරුණයා සෙල්ෆි ඡායාරූපය ගැනීමට උත්සාහ කර ඇතැයි සඳහන්.

ඒ අලියා හිමිකරුගේ ද අනුදැනුමකින් තොරවයි.

එම අවස්ථාවේදී අලියා දැඩි වෙහෙසට පත්ව සිටි බව ද විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.

අලි හිමිකරුවා ද එම අවස්ථාව වන විට නින්දට ගොස් සිටි බවටයි හෙළිවී ඇත්තේ.

අදාළ තරුණයාගේ ක්‍රියාව නොරිස්සු අලියා ඔහුට පහරදී තිබෙනවා.

තරුණයාගේ කෑ ගැසීම ඇසීමෙන් පසුව එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් විසින් ඔහු රෝහල්ගත කර ඇතැයි සඳහන්.

කෙසේවෙතත් ඔහුගේ තත්වය බරපතල නොවන බවයි ඉන්දීය වාර්තා සඳහන් කලේ.


අටවන දිනටත් ඇමරිකාවේ විරෝධතා
Wednesday, 03 June 2020 - 19:50

ඇමරිකාවේ මිනෙස්තෝ හිදී පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු... Read More

කොරෝනා අස්සේ මාරාන්තික ඉබෝලා යළි හිස ඔසවයි (ඡායාරූප)
Wednesday, 03 June 2020 - 6:44

කොංගෝ රාජ්‍යයේ නැවතත් ඉබෝලා වසංගතය හිස ඔසවා 15 හැවිරිදි දැරියක... Read More

ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More