කටුකුරුන්ද මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයෙකු අතුරුදන්

Friday, 15 April 2016 - 8:11

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
කළුතර - කටුකුරුන්ද ප්‍රදේශයේ සංචාරයක් හෝටල අසල මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයෙකු ඊයේ (14) අතුරුදන් වී තිබෙනවා.

ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කරන හොරණ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා ඊයේ පස්වරු 06.15 ට පමණ දිය නාමින් සිටියදී අතුරුදන්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මේ වනවිට අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

මේ අතර, අවිස්සාවේල්ල - සීතාවකපුර ගංඟාවේ - තල්දුව පාලම අසල දියනාමින් සිටි ගොලූ පුද්ගලයෙකු ඊයේ දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 57 හැවිරිදි නුගේවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.