ජපාන භූ කම්පනයේ මරණ සංඛ්‍යාව 09 දක්වා ඉහළ යයි

Friday, 15 April 2016 - 10:11

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+09+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජපානයේ ඊයේ (14) සිදුවු භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 09 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දකුණු දිග ජපානයේ - කියුෂු දිවයිනේ කුමමොටෝ ආසන්නයේ මෂිකි නගරය කේන්ද්‍ර කොටගෙන ඊයේ ඇතිවු රික්ටර් පරිමාණයේ 6.4 ක ප්‍රබල භූ කම්පනයෙන් ඇතිවූයේ විශාල හානියක්.

එහිදී පුද්ගලයන් 250 කට අධික පිරිසක් තුවාල ලැබුවා. භූ කම්පනයෙන් අනතුරුව නිවාස දහස් ගණනකට විදුලිය හා ගෑස් සැපයුම් නතර වී තිබෙනවා.

කඩා වැටුණු නිවාසවල සුන්බුන් අතර සිර වූ පුද්ගලයන් සෙවීම තවදුරටත් සිදුකෙරෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

භූ කම්පනයේ ප්‍රබලතාවය රික්ටර් පරිමාණයේ 6.4 ක් වූවත්, ඇතැම් ප්‍රදේශවල ගොඩබිම අසාමාන්‍ය කම්පන තත්ත්වයක් දක්නට ලැබුණු බව ජපාන ප්‍රවෘත්ති සේවා කියා සිටියා.