වැට් බද්ද මැයි 2 සිට 15 % යි

Friday, 15 April 2016 - 12:40

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+2+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+15+%25+%E0%B6%BA%E0%B7%92
අගය මත එකතු කළ බද්ද හෙවත් වැට් බද්ද සියයට 15 දක්වා ඉහළ නැංවීම මැයි 2 වනදා සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා.

එහිදී සෞඛ්‍ය සහ විදුලි සංදේශ සේවාවන්ට වැට් බද්ද පැනවීමටයි තීරණය කර ඇත්තේ.

නිවාස ව්‍යාපෘති හැර අනෙකුත්  ඕනෑම ව්‍යාපෘතියක් සදහා භාණ්ඩ හා සේවා සැපයීමේදී ද වැට් බද්ද අය කෙරෙනු ඇති.

ජාතිය ගොඩනැගීමේ බද්ද හෙවත් එන්.බී.ටී. බද්ද සියයට 2 ක් ලෙස තවදුරටත් නොවෙනස්ව පවතින බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

නව වැට් බදු, මුදල් අමාත්‍යාංශය නිවේදනය කළත් වැට් බදු අදාළ නොවන තොග සහ සිල්ලර භාණ්ඩ මොනවාදැයි මෙතෙක් නිවේදනය කර නැහැ.

කෙසේ නමුත්, විදුලි සංදේශ සේවා සහ විදුලිය සැපයුම් සදහා ද මැයි දෙවනදා සිට බලපවත්වන පරිදි ජාතිය ගොඩනැගීමේ බද්ද පැනවෙනු ඇති.

මැයි මස 2 වනදා සිට ක්‍රියාත්මක කෙරෙන වැට් බදු සංශෝධන සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරන හා මූල්‍ය පීඨයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යාව පිළිබඳ අංශාධිපති මහාචාර්ය එච්.ඞී. කරුණාරත්නගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ භාණ්ඩ හා සේවාවල මිල මෙම සංශෝධනයත් සමඟ අනිවාර්යයෙන් ඉහළ යෑමක් සිදුවන බවයි.