ලග්ගල පොලිසියේ සිද්ධිය පිළිබද CID පරීක්ෂණ ඇරඹේ ( ඡායාරුප)

Friday, 15 April 2016 - 16:12

%E0%B6%BD%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+CID+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A+%28+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%29
ලග්ගල පොලීසියට ඇතුලූවී ගිනි අවි සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මේ වනවිට ලග්ගල පොලිස් ස්ථානයේ සියලූ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් පොලිස් ස්ථානය තුළ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්.

එමෙන්ම සියලූම නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි වාර්තාවන්නේ.

ඊයේ අලූයම ලග්ගල පොලිස් ස්ථානයේ ටී 56 ගිනි අවියක් සහ රිවෝල්වර 9 ක් අතුරුදන්වූ බවට කරුණු අනාවරණ වුණා.

වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගය මත ඊට අදාළ පරීක්ෂණඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණේ ඊයේ දිනයේයි.

මේ අතර පොලීසිය ආරම්භ කළ මුලික පරීක්ෂණවලින් අනතුරුව සිද්ධිය වූ අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුගේ සේවය ද අත්හිටවනු ලැබුවා.