ඉරානය තෙල් මිල රැස්වීම මග හරී

Saturday, 16 April 2016 - 12:44

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B8%E0%B6%9C+%E0%B7%84%E0%B6%BB%E0%B7%93
ඛනිජ මිල ස්ථාවර කිරීම සදහා ගත යුතු පියවර පිළිබද තෙල් නිෂ්පාදකයන්ගේ හමුවට පෙර ලෝක වෙළඳපොලේ තෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටීමක් පෙන්නුම් කරනවා.

ඔපෙක් සංවිධානයේ රටවල් සහ රුසියාව ඇතුළු එම සංවිධානයෙන් පිටත නිෂ්පාදකයන් අතර, හමුව දෝහා කටාර් හිදී හෙට පැවැත්වීමට නියමිතයි.

එහෙත් එම රැස්වීමට නොපැමිණෙන බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා. ලොව විශාලතම තෙල් නිෂ්පාදකයෙකු වන ඉරානයේ සහභාගිත්වයෙන් තොරව නිෂ්පාදනය කපා හැරීම පිළිබද එකගත්වයකට පැමිණීම දුෂ්කර බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර සම්බාධක ඉවත් වී ඇති නිසා ඉරානයේ තෙල් නිෂ්පාදනය දිනකට බැරල් මිලියන 4 දක්වා දෙගුණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂිතයි.

නිෂ්පාදකයන් අතර එකගත්වයක් සදහා පවතින අවිනිෂ්චිතභාවය හේතුවෙන් ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිල ඊයේ වනවිට ඩොලර් 40 යි ශත 36 දක්වා පහත වැටුණා.

ලොව බහුලවම භාවිත වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 43 යි ශත 10 ක් ලෙසයි. ඒ අනුව, ඊයේ දිනය තුළ පමණක් තෙල් මිලෙහි පහත වැටීම සියයට 2 යි දශම 8 කට ආසන්නයි.