ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී එක් අයෙක් මරුට

Saturday, 16 April 2016 - 13:47

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අලව්ව පොලිස් ස්ථානය අසල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා.

ප්‍රදේශයේ අප වාර්තාකරු ප්‍රකාශ කළේ දුම්රිය ගේට්ටු මුරකරුවෙකු නොමැති මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කිරීමට ගිය ත්‍රිරෝද රථය මාතර සිට යාපනය බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටී ඇති බවයි.

අදාළ අවස්ථාවේ ත්‍රිරෝද රථයේ තුන්දෙනෙකු ගමන් කර ඇති අතර, අනතුරෙන් බරපතල තුවාල ලැබූ එහි රියදුරු අලව්ව රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටියා.

අනෙක් තුවාලකරුවන් දෙදෙනා කුරුණෑගල රෝහලට ඇතුලත් කර තිබෙනවා.