UPDATE: ඉක්වදෝර භූ කම්පනයෙන් ජීවිත හානි 77ක්

Sunday, 17 April 2016 - 8:47

UPDATE%3A++%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%AF%E0%B7%9D%E0%B6%BB+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+77%E0%B6%9A%E0%B7%8A
ලතින් ඇමරිකානු ඉක්වදෝර රාජ්‍යයේ අද ඇතිවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගොස් තිබෙනවා.  

තුවාල ලැබූ සංඛ්‍යාව 500 ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඉක්වදෝරයේ මධ්‍යම වෙරළාසන්න ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන වාර්තා වූ රික්ටර් පරිමාණයේ 7.8 ක මෙම ප්‍රබල භූ කම්පනය වසර 10 කින් එරට සිදුවූ ප්‍රබලතම භූමි කම්පාවයි.

භූ කම්පනයෙන් ගොඩනැගිලි, පාලම් සහ මහාමාර්ගවලට හානි සිදුව ඇති අතර, ජනාධිපති රෆායෙල් කොරයා සිය ඉතාලි සංචාරය අතරමග නවතා සිය රට පැමිණෙන බව ප්‍රකාශ කර තිබෙනවා. 

-----------------------------------------------------------------------
රික්ටර් පරිමාණයේ 7.8 ක ප්‍රබල භූ කම්පනයක් ලතින් ඇමරිකානු ඉක්වදෝර රාජ්‍යයේ මධ්‍යම වෙරළාසන්න ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන සිදුවී තිබෙනවා.

පොලොව මට්ටමේ සිට කිලෝමීටර් 19 ක් ගැඹුරෙන් මෙම භූ කම්පනය සිදුව ඇත්තේ ඉක්වදෝර් අගනුවර සිට කිලෝමීටර් 160 ක් ඈතින් වූ මුයිස්නේ නගරය කේන්ද්‍ර කොටගෙනයි.

භූ කම්පනයෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති අතර, ජීවිත හානි පිළිබඳව මෙතෙක් වාර්තාවී නැහැ.

භූ කම්පනය කුවිටෝ අගනුවරටද දැනී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.