ටජ්මහලේදී විලියම් කුමරුට මවගේ මතකය සිහි වූ හැටි

Sunday, 17 April 2016 - 10:53

%E0%B6%A7%E0%B6%A2%E0%B7%8A%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
සිය දකුණු ආසියානු සංචාරයේ අවසාන අදියර ලෙස බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු කේට් කුමරිය සමඟ ඊයේ ඉන්දියාවේ අග්‍රා නුවර ටජ්මහල් මන්දිරය වෙත පැමිණියා.

ඔවුන් දෙදෙනා ටජ්මහල ඉදිරිපිට ශෛලමය අසුනේ එකට හිඳ ගනු ලැබූ ඡායාරූපය බොහෝදෙනාගේ අවධානයට ලක්වූවක්.

1992 වසරේදී විලියම් කුමරුගේ මව වන ඩයනා කුමරිය ටජ්මහලේ මෙම බංකුව මත තනිව හිඳ ඡායාරූපයක් ගෙන තිබුණා.

ඇය චාල්ස් කුමරුගෙන් වෙන්වන බව ප්‍රකාශ කළේ එම වසරේදිමයි.

1997 වසරේ පැරීසියේ මෝටර් රථ අනතුරකින් ඩයනා කුමරිය මිය යනවිට 15 වන වියේ පසුවූ විලියම් කුමරුට ටජ් මහල සිය මව පිළිබඳ මතකය අලුත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.