අලූත්වැඩියාවක් සඳහා නතර කර තිබූ නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන අදියරයේ විදුලිබල නිෂ්පාදනය යළි ආරම්භ කර තිබෙනවා.
විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ මේ වනවිට මෙගාවොට් 900 ක ධාරිතාවකින් යුත් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ අදියර තුනෙන්ම විදුලිබලය නිෂ්පාදනය කෙරෙන බවයි.
පසුගිය 11 වනදා තුන්වන අදියරයේ විදුලි නිෂ්පාදන කටයුතු ඇණහිටියේ එහි බොයිලේරුවේ සිදුවූ දෝෂයක් හේතුවෙන්.
ජලවිදුලි බලාගාර ආශ්රිත ප්‍රදේශවලට මේ දක්වා ප්‍රමාණවත් වැසි නොලැබීම නිසා ජල විදුලි නිෂ්පාදනය සියයට 25 දක්වා අඩුවී ඇති බවයි ඔහු කියා සිටියේ.