සත්ව කරුණාව නිසා කඳුලින් තෙත් වූ මරණය

Sunday, 17 April 2016 - 13:51

%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේ කන්දකින් ඇද වැටුණු බවට පැවසෙන වැලි මුවෙකුගේ දිවි බේරාගැනීමට ප්‍රදේශවාසීන් මහත් පරිශ්‍රමයක් දැරූ පුවතක් අද උදෑසන වාර්තා වූවා.

කෙසේ වෙතත් එහි පැමිණි පශුවෛද්‍යවරයකු ප්‍රථමාධාර දෙමින් සිටින අතරතුර වැලි මුවා මියගියේ රැස්ව සිටි සැමගේ දෙනෙතට කඳුලක් එක් කරමින්.

මෙහිදී ප්‍රදේශවාසීන් චෝදනා කළේ සත්වයාට ප්‍රතිකාර කිරීමට ඉක්මනින් පශුවෛද්‍යවරයකු පැමිණියේ නම් සත්වයාගේ දිවි බෙරා ගැනීමට තිබු බවටයි.

කෙසේ වෙතත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ පොලිසියට සහ වනජීවී කාර්යාලයට මේ බව දැනුම් දී තිබුනද ඔවුන්ගෙන් කඩිනම් ප්‍රතිචාර නොලැබුණු බවයි.

මේ පිලිබඳ අදහස් දක්වමින් හික්කඩුව වනජීවී කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ කඩිනම් සේවයක් සැපයීමට ඔවුන් වෙත ලැබී ඇති ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් නොවන බවයි.




(වීඩියෝ දර්ශන - දීපාල් සිල්වා)