කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා

Monday, 18 April 2016 - 9:18

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+-+%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ වත්තල - මාබෝල ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ දුරකථන කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් කොළඹ දෙසට පැමිණෙන රථවාහනවලට බාධා එල්ලවී ඇති බවයි වාර්තාවන්නේ.

විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.