ඝාතන රැසකට ඇල්ලූ සැකකරු LTTE සාමාජිකයෙක්

Tuesday, 19 April 2016 - 13:06

%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+LTTE++%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
පුද්ගල ඝාතන 4ක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු එල් ටී ටී ඊ සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට හෙළි වූ ද්‍රවිඩ ජාතිකයා වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත භාර දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් මොහු ඊයේ දිනයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත භාර දුන් බවයි.

කොළඹ - ජම්පටාවීදිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ සහ බලපිටිය අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිදුවූ ද්විත්ව ඝාතනයන්ට මෙන්ම කොළඹ - ජම්පටාවීදිය ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

පෙරේදා පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ ගාල්ල ප්‍රදේශයේදියි.

සැකකරු එල් ටී ටී ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට ආරක්ෂාව සැපයූ චාල්ස් ඇන්තනී බලකායේ ප්‍රබල සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

මොහු එල් ටී ටී ඊ සංවිධානය තුළ හඳුන්වා ඇත්තේ එලිලෝන් නැමැති නාමයෙන්.

ඔහු මොහු හමුදාවට එරෙහිව එල් ටී ටී ඊ මෙහෙයුම්වලට සක්‍රීයව දායක වී ඇති අතර හමුදා ප්‍රහාරවලින් සිව් වතාවක්ම තුවාල ලබා ඇති බව පොලීසිය සදහන් කළා.

යුද්ධය අවසන් වීමෙන් පසු මොහු පුනරුත්ථාපනය වී කොළඹට පැමිණ ඇති අතර අනතුරුවයි මොහු පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී ඇත්තේ.

 ඒ කොස්ගොඩ සුජී නැමැති පාතාල නායකයාගේ ප්‍රධාන වෙඩික්කරු වශයෙන්.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී චීනයේ නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් ද සොයාගෙන තිබෙනවා.

එසේම ජංගම දුරකථන 3ක් ද  මොහු සතුව තිබූ පොලිස් භාරයට ගැනුණා.

එල් ටී ටී ඊ සංවිධානය සමඟ පැවැත්වූ සබඳතා පිළිබඳ සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.