ගම හරහා දුවන්න ගොස් මහමඟ ඇද වැටී මිය යයි

Tuesday, 19 April 2016 - 12:57

%E0%B6%9C%E0%B6%B8+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B6%9F+%E0%B6%87%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හම්බන්තොට - සූරියවැව නගරයේ සුරුවිරුගම ප්‍රදේශයේ අද පැවැති අවුරුදු උත්සවයක ගම හරහා දිවීමේ තරඟයේදී හදිසියේ ඇද වැටුණු තරඟකරුවෙකු රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

ඔහු සූරියවැව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.

අද උදෑසන 9ට පමණ සූරියවැව නගරය වටා මෙම ධාවන තරඟය ආරම්භ වී ඇති අතර, ඉන් සුළු වෙලාවකට පසු මොහු හදිසියේ ඇද වැටීම නිසා සූරියවැව රෝහලට ඇතුළත් කර  තිබෙනවා.

ඔහු ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ඉන් අනතුරුවයි.

මොහුගේ මරණයට හේතුව හදිසි හෘදයාබාධයක් බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.