වැඩිකළ වැට් බද්ද විදුලිබිලට නැහැ

Wednesday, 20 April 2016 - 13:10

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
වැඩිකළ වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බද්ද විදුලි බිලට බල නොපාන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ එම අමාත්‍යාංශයේ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මින් ඉදිරියට මෑන් පවර් සේවකයන් විදුලිබල මණ්ඩලයට බදවා නොගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

මේ අතර යෝජිත වැට් බදු සංශෝධනයේදී විදුලිය, ජලය සහ ඖෂධ මිල වැඩිවීමක් සිදුනොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.

කොළඹ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය අයවැයෙන් බද්දෙන් නිදහස් කරන ලද කර්මාන්ත සදහා ගෙන්වන භාණ්ඩ සදහා ද වැට් බදු සංශෝධනය බල නොපාන බවයි.