භික්ෂු දුක් ගැනවිලි අහන්න විශේෂ කමිටුවක්

Thursday, 21 April 2016 - 7:01

%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේදී රැස්වුණා.

දිවයිනේ සියලූම පළාත් ආවරණය වන අයුරින් භික්ෂුන් වහන්සේලා 29 දෙනෙකුගෙන් මෙම ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය සමන්විතයි.

බෞද්ධ දර්ශනයේ ආභාෂය ලබන නව ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීමට අවශ්‍ය වන පදනම සකසා ගනිමින් යහපත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම උදෙසායි මෙම බුද්ධි මණ්ඩලය ආරම්භ කරනු ලැබුවේ.

බුද්ධි මණ්ඩලයේ කාර්යභාරය පිළිබඳව මල්වතු අස්ගිරි මහ නායක හිමියන්ද දැනුවත් කළ බවයි ජනාධීපතිවරයා වෙත අදහස් දක්වමින් එහි භික්ෂූන් වහන්සේලා සඳහන් කර ඇත්තේ.

තරුණ භික්ෂූන් වහන්සේලාගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට සහ දුක්ගැනවිලිවලට සවන්දීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමටද එහිදී යෝජනා වී තිබෙනවා.